Apple සමාගමේ මීළඟ event එක මීළඟ සැප්තැම්බර් 15 වැනි දින පැවැත්වීමට සූදානම් වෙයි
Apple සමාගම විසින් ඔවුන්ගේ මීළඟ event එක සැප්තැම්බර් 15 වැනි දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:30ට සුපුරුදු පරිදි කැළිෆෝනියාවේ පිහිටි Apple Park එක තුළ ඇති Steve Jobs Theater එකෙහිදී පැවැත්වීමට නියමිත බව ඔවුන්ගේ නිළි වෙබ් අඩවිය හරහා නිවේදනය කර තිබෙනවා.
මෙම event එක අතරතුරදී iPhone ජංගම දුරකථන මාලාවේ අලුත්ම සාමාජිකයා වන iPhone 12 මාදිලිය එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරනු ඇති බව TechCrunch වෙබ් අඩවිය අනුමාන කරන නමුත් එය එළිදැක්වීම මදක් ප්‍රමාද වනු ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
කොහොම වුණත් මෙම වසරේ බළපෑ COVID-19 වසංගත තත්ත්වය හමුවේ smartphone market එක ක්‍රමයෙන් අඩු වී ගිය තත්ත්වයක් දැකගත හැකි වුවද, අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයින් අභිබවා 2020 වසරේ මුල් මාස 6 තුළ වැඩියෙන්ම අලෙවි වුණු ජංගම දුරකථනය යන කිරුළ පැළඳීමට iPhone 11 ජංගම දුරකථනය සමත් වූ බව ද අපි ඔබව මීට පෙර අවස්ථාවකදී දැනුවත් කරනු ලැබුවා.
එමෙන්ම මෙවර නිකුත් කිරීමට නියමිත iPhone 12 ජංගම දුරකථන මාලාව සාමාන්‍යය මිලට වඩා මිලෙන් අඩු වනු ඇති බව වාර්ථා වුණු අතර, Pixel 5 ජංගම දුරකථනය ද mid-range chipset එකක් සමඟින් නිකුත් කරනු ඇති බව ඉඟි පළවී ඇති නිසා, බොහෝ දෙනා මේ iPhone 12 මාදිලි කෙරෙහි ආකර්ශනය වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.
මීට අමතරව මේ event එක අතරතුරදී අලුත් iPad එකක්, Apple Watch series 6 එක සහ Apple Watch SE නම් වූ අලුත් watch එක ද එළිදක්වනු ඇති බව අනුමාන කෙරෙනවා.
මෙම වසරේදී පැවැත්වෙන Apple සමාගමේ දෙවැනි විශේෂ event එක මෙය වන අතර මේ Apple Event එක ඔවුන්ගේ නිළ Events වෙබ් අඩවිය, Apple TV වල ඇති Events app එක මෙන්ම YouTube හරහා සජීවීව නැරඹීමේ අවස්ථාව තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Events වෙබ් අඩවිය, Bloomberg වෙබ් අඩවිය, Mac Rumors වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3m6VzCQ
Comments
Post a Comment