ෆින්ලන්තයෙන් බිහි වුණු අවසන් සුපිරි දිගු දුර ධාවකයා

වර්තමානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලි හි පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව්වල දී අප්‍රිකානු සම්භවයක් ඇති ක්‍රීඩකයන් වැඩි වශයෙන් දස්කම් පෙන්වනවා. එලෙස අප්‍රිකානු ක්‍රීඩකයන් දස්කම් පෙන්වන මෙම ඉසව් ද්විත්වය මීට දශක ගණනාවකට පෙර ෆින්ලන්ත දිගු දුර ධාවන ශූරයන්ගේ අණසකට නතු වී තිබුණා. එහි දී පාවෝ නුර්මි, හෑන්ස් කෝල්මේනන්, සහ විලී රිටෝලා වැනි ෆින්ලන්ත දිගු දුර ධාවන ශූරයන් මෙම ඉසව් දෙක යටතේ ඔලිම්පික් රන් පදක්කම් රැසක් දිනාගැනීමට සමත් වුණා. එසේ දශක කිහිපයක් ෆින්ලන්ත අණසකට නතුව තිබුණු මෙම ඉසව් දෙක 50 සහ 60 දශකවල දී විවිධ රටවල ක්‍රීඩකයන් ජයග්‍රහණය කළා. නමුත් 1972 සහ 1976 ඔලිම්පික් තරගාවලිවල දී ෆින්ලන්තයෙන් බිහි වුණු සුපිරි තරුවක් මෙම ඉසව් දෙකේ ඔලිම්පික් රන් පදක්කම් නැවතත් සිය රටට උරුමකර දුන්නා. එහි දී පිට පිටම පැවති ඔලිම්පික් තරගාවලි 2ක දී පිරිමි මීටර් 5000 සහ 10000 රන් පදක්කම් ලබාගත් මුල්ම ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වුණු මොහු, ෆින්ලන්තයෙන් බිහි වුණු අවසන් සුපිරි දිගු දුර ධාවකයා වුණා. එසේ නම් මෙම ලිපිය වෙන්වන්නේ ලසේ විරේන් නම් සුපිරි ෆින්ලන්ත දිගු දුර ධාවකයාගේ ඔලිම්පික් දස්කම් දෙසට යි.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2QJ22EZ

Comments