DJI Mavic Mini
DJI යනු ලොව ප්රමුඛ පෙළේ Drone සහ කැමරා උපකරණ නිෂ්පාදනය කරන ආයතනයකි. DJI Phantom, DJI Mavic වැනි ලොව සුපතල Drone යානා සහ DJI Osmo, DJI Ronin වැනි ඡායාරූපකරණයේදී සහ වීඩියෝකරණයේදී යොදාගන්නා කැමරා උපාංග මෙන්ම RoboMaster, DJI FPV වැනි නිෂ්පාදනද DJI සමාගම විසින් හඳුන්වා දී ඇත.
හුරුබුහුටි Drone යානය
DJI Mavic යනු වීඩියෝ කරණය සඳහා නිෂ්පාදනය කර ඇති Drone යානා වර්ගයකි. මෙහි DJI Mavic 2, DJI Mavic Air, Mavic Pro ලෙස වර්ග කිහිපයක්ම පවතී. DJI Mavic Mini මෙම Drone පවුලේම තරමක් ප්‍රමාණයෙන් කුඩා හුරුබුහුටි පෙනුමකින් යුත් Drone යානාවකි.
අනෙකුත් DJI Mavic Drone යානා මෙන් වෘත්තීයමය රූපගත කිරීම් සඳහා එතරම් සුදුසු නොවන DJI Mavic Mini Drone යානාව, විනෝදාංශයක් ලෙස වීඩියෝකරණයේ නියැලෙන්නන් සඳහා වඩා යෝග්‍ය වේ. මෙහි ඇති ප්‍රධානම වාසිය නම්, තමන්ගේ බෑගයේ හෝ සාක්කුවක දැමිය හැකි තරම් කුඩා වීම සහ බරින් අඩුවීමයි. එමෙන්ම මෙහි තටු හැකිලිය හැකි නිසා තැනින් තැනට රැගෙන යාම ඉතාමත් පහසු වේ.
DJI Mavic Mini හි විශේෂාංග
DJI Mavic Mini Drone යානාව ග්‍රෑම් 249ක් තරම් සැහැල්ලු වේ. එනම් සාමාන්‍ය ජංගම දුරකතනයක බරට ආසන්න වේ. නමුත් එක් බැටරි ආරෝපණයකින් විනාඩි 30ක කාලයක් පියාසර කරවීමට හැක. එමෙන්ම කිලෝමීටර 4ක් දක්වා දුරකට පියාසර කරවීමට හැක. තවද Vision Sensor + GPS Precise Hover තාක්ෂණය මගින් Drone යානාව ගුවනේ එක තැන නතර කර තැබිය හැක. 3-Axis Gimbal කැමරා ආධාරකය මගින් යානයේ ඇති කැමරාව අක්ෂ තුන ඔස්සේ නොසෙල්වී පවත්වා ගැනීමට හැකි වේ. එමෙන්ම මෙහි මෙගා පික්සල් 12ක කැමරාවෙන් 2.7K වීඩියෝ ගත කිරීමේ හැකියාව ඇත.
DJI Fly ජංගම දුරකථන යෙදුම
මේ සඳහාම නිර්මාණය වුනු DJI Fly දුරකථන යෙදුම මගින් DJI Mavic Mini Drone යානය පහසුවෙන් හැසිරවීමට හැක. එමෙන්ම යානයෙන් ලබාගත් වීඩියෝ පට පහසුවෙන් ක්ෂණිකව සංස්කරණය කිරීමට මෙම ජංගම දුරකථන යෙදුමෙහි ඉඩකඩ ලබාදී ඇත. DJI Mavic Mini Drone යානයේ සහ DJI Fly ජංගම දුරකථන යෙදුමෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙහි එන QuickShot modes විශේෂාංගයයි. මෙහි Dronie, Circle, Helix, සහ Rocket ලෙස ස්ථාපිත කර ඇති වීඩියෝ උපක්‍රම 4ක් ඇත. පරිශීලකයාට අවශ්‍ය QuickShot Mode එකක් තෝරාගත් විට, Drone යානය ස්වයංක්‍රීයව නිසි ගමන් පථයක ගමන් කරමින් රූපගත කිරීම් සිදු කරයි.
තවද පටු ස්ථාන වලින් පහසුවෙන් සහ ඉතා සීරුවෙන් ගමන් කිරීමට, මෙහි CineSmooth Mode විශේෂාංගය පවතී.
DJI Mavic Mini Drone යානාව $399 යේ සිට මිලදී ගැනීමට හැකියාව ඇත. මේ ගැන වැඩි දුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න https://www.dji.com/mavic-mini.
The post DJI Mavic Mini appeared first on TechWire.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2RorMqE
Comments
Post a Comment