JBL සමගින් එන අලුත්ම Solar Powered Headphones
අද ඔයාලට කියන්න යන්නෙ බොහොම වැදගත් අලුත්ම Tech Gadget එකක් ගැන. අපි Headphones ගැන කථා කරන කොට, ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් හොද Headphone brand එකක් මොකද්ද කියලා හම්බෙන සුලභම උත්තරය තමා JBL කියන එක. ඒ තරමටම JBL කියන නම ප්‍රසිද්ධයි. ඉතින් අද මම ඔයාලට කියන්න හදන්නෙ JBL සමාගමේ අලුත්ම නිෂ්පාදනයක් ගැන. Wireless Headphones පාවිච්චි කරන අයට තියෙන ලොකුම ගැටලුවක් තමා බැටරිය තියාගන්න පුලුවන් සීමිත කාල සීමාවකට විතරයි. මෙන්න මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට තමා JBL ආයතනය මේ අලුත්ම Solar-powered Headphone එක නිෂ්පාදනය කරන්නෙ.
JBL Reflect Eternal කියලා නම් කරලා තියෙන මේ Headphone එක දැන් ඔයාලට පූර්ව ඇණවුම් සිදු කරන්න පුලුවන් indiegogo කියන Website එකෙන්. මේක $99 වගේ මිල වෙනවා කියලා තමයි දැනට සදහන් වෙන්නෙ, ඉතින් ඔයාලටත් මේ link එකෙන් ගිහින් කැමති නම් පූර්ව ඇණවුම් කරන්න පුලුවන්. ඉතාම සීමිත ගානක් තමා දැනට වෙළදපලට නිකුත් කරලා තියෙන්නේ. දැන්ම ඇණවුම් කරොත් 2020 ඔක්තොම්බර් වෙද්දි පාරිභෝගිකයාට ලැබෙන්න සලස්වනවා කියල තමා තියෙන්නෙ.
මෙහි බැටරි ආරෝපණය වන්නේ කෙසේද?
JBL ආයතනය ප්‍රකාශ කරන්නෙ දවසකට පැය 2.5 ක් සෘජු සූර්යාලෝකයට නිරාවරණය වන විදිහට මෙය භාවිතා කලොත් බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කර ගන්න පුළුවන් කියල.
මේක සෘජු සූර්යාලෝකය මගින් වගේම ගෘහස්ථ ආලෝකයෙනුත් බැටරිය ආරෝපණය කරගන්න පුලුවන් කියලා තමා JBL සමාගම කියන්නෙ. හැබැයි ඒක සෘජු සූර්යාලෝකය මගින් බැටරි ආරෝපණය වෙනවාට වඩා ටිකක් අඩු වේගයෙන් වෙන්නේ කියලා සදහන් වෙන්නෙ.
ඒ වගේම තමා කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඉර අව්ව වැඩිය වැටෙන්නෙ නැති මේ දවස් වල වගේ කාළගුණයක් තිබ්බොත් බැටරි ආරෝපණය කරගන්නෙ කොහොමද කියලා. ඒකටත් ක්‍රමවේදයක් මොවුන් අපිට දීලා තියෙනවා. ඒ තමා USB Charging, මේ විදියට බැටරි ආරෝපණය කරනවනම් විනාඩි 15ක් විදුලියට සම්බන්ධ කරලා තිබ්බොත් පැය 2ක් පාවිච්චි කරන්න පුලුවන්. භාවිතා කරන්න පුලුවන් වෙලාව ගැන කියපු නිසා මේකත් කියන්නම ඕනි. මෙය සෘජු සූර්යාලෝකය යටතේ පැය 1.5ක් භාවිතා කලොත් පැය 68ක playtime එකක් වගේම පැය 2ක් හිටියොත් පැය 168 ක Playtime එකක් හම්බෙනවා. රැකියාවක් කරන කෙනෙක්ටනම් වැඩට යන එන ගමන් දාගෙන ගියාම බැටරි ආරෝපණය කරගන්නත් පුලුවන්.
මේක පාවිච්චි කරන කෙනෙක්ට බැටරිය ගැන වැඩිය ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද පාවිච්චි කරන ගමන් වුනත් ආරෝපණය කරගැනීමේ පහසුව තියෙන නිසා. කරන්න තියෙන එකම දේ තමා ඉර අව්ව තියෙන වෙලාවක ඔලුවේ දාගෙන යන එක. මේක දැනට රතු සහ කොළ කියන වර්ණ දෙකෙන් තමා නිකුත් වෙන්නෙ.
JBL Reflect Eternal හි විශේෂතා
මේක Google Assistance සහ Alexa කියන සේවාවන් දෙකෙන්ම සමන්විත වෙනවා වගේම external microphone එකකිනුත් සමන්විත වෙනවා. මේ external microphone එකේ වැදගත් කම තමා ඔයාලට Headphone එක දාගෙන ඉන්න වෙලාවට වටපිට දේවල් අහන්න ඕනිනම් Headphone එක ගලවන්න ඕනි වෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි Hands-free Calls, Multi-point Connection සහ JBL Pro Sound කියන විශේෂාංග වලින් මේ Headphone එක සමන්විත වෙනවා.
Solar power ගැන කථා කරපු නිසා ටිකත් සදහන් කරොත් හොදයි කියලා හිතෙනවා, JBL ආයතනය විතරක් නෙවෙයි ඉලෙක්ට්‍රොනික උපාංග වලට solar cells පාවිච්චි කරන්නේ. ඔයාලට මතක නම් පාසල් වලදි භාවිතා කරපු solar-powered calculator එහෙමත් තියෙනවා. ඒ වගේම Logitech සමාගමේ solar-powered keyboards හා Garmin ආයතනයේ solar-powered smartwatch තියෙනවා. ඒ විස්තර ටික සදහන් කලේ අමතර කරුණු විදියට. ඉතින් මම හිතනවා මේ ලිපිය වැදගත් වුනා කියලා ඔයාලට, මේ වගේ තවත් ලිපියකින් ඉදිරියේදී මුණ ගැසෙමු.
The post JBL සමගින් එන අලුත්ම Solar Powered Headphones appeared first on TechWire.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/37JzDFJ
Comments
Post a Comment