Microsoft Project xCloud
Microsoft සමාගමේ නිර්මාණයක් ගැන තමා අද ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.ඒ තමා මේ අවුරුද්දේදී නිකුත් වීමට නියමිත ඔවුන්ගේ ක්‍රීඩා ප්‍රවාහ සේවාව වන xCloud සේවාව පිළිබදව.Microsoft විසින් ලබන වසරේදී Xbox Game Pass සමඟ xCloud ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු මේ වනවිට අන්තර්ජාලයේ සදහන් වෙනවා. එමගින් ක්‍රීඩකයන්ට සෘජුවම cloud තාක්ෂණය හරහා ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලබනවා. එමගින් වඩාත් සුපැහැදිලි ආකාරයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙනවා. ලබන වසර වනවිට පැමිණෙන windows 10 පරිගණක සදහාද මෙම සේවාව ලබාදීම සදහා අවශ්‍ය ආකාරයෙන් කටයුතු සිදුකරන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ වනවිට android දුරකථන හා ටැබ්ලට් පරිඝණක සදහා මෙම සේවාව ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට ඔබට මෙම project xCloudහි පෙරදසුන් ලබාගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. මෙම ලින්ක් එක හරහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස ඒ සදහා ලියාපදිංචි වීම සිදු කල හැකියි. කෙසේ නමුත් iOS දුරකථනසදහා මෙම සේවාව තවමත් ලබාගත නොහැකියි.
xCloud භාවිතා කරන ආකාරය
මෙම සේවාව සමගින් එක්වීමට ඔබට පහත සදහන් මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සිදුවනවා.
- මෙහෙයුම් පද්ධතිය Android 6.0+ සහ Bluetooth version 4.0+ සහිත දුරකථනයක්.
- Bluetooth සමඟ අනුකූල Xbox රැහැන් රහිත පාලකයක්.
- 5GHz Wi-Fi හෝ ජංගම දත්ත සම්බන්ධතාවය බාගත කිරීමේ වේගය 10Mbps සහිතව.
- Xbox Game Streaming යෙදුම. (preview)
මෙම දේවල් සපුරා ගැනීමෙන් පසු ඔබට සිදුවනවා මේ සදහා ලියාපදිංචි වීමට, ඒ සදහා Microsoft ගිනුමක් ඔබ සතු විය යුතුයි. එලෙස ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන් ඊලග පියවරයන්ට අදාල විස්තර සහිත විද්‍යුත් තැපෑලක් ඔබ වෙත යොමු කරනු ලබනවා. ඉන් අනතුරුව ඔබට කිරීමට තියෙන්නේ ඔබගේ දුරකථනය Xbox පාලකය සමග සම්බන්ධ කොට ක්‍රීඩා කිරීම පමණයි. ඉහත සදහන් කර ඇති ලින්ක් එක මගින් තවදුරටත් ඔබට විස්තර ලබාගැනීමක් අවශ්‍යනම් එය සිදුකරගත හැකියි.
මේ වන විට පෙරදසුන් සදහා 50කට අධික ක්‍රීඩා ප්‍රමාණයක් ඔවුන් ලබාදී තිබෙනවා. ලබන අවුරුද්දේ සිට මෙම දුරකථන සදහා ලබාදුන් සේවාව පරිගණක සදහාද ඔවුන් ලබාදෙනු ඇති. නමුත් මේ වනවිට අප රටටනම් මෙම සේවාව ඔවුන් ලබාදීලා නැහැ. Canada, India, Japan සහ දකුණුදිග යුරෝපියානු රටවල් සදහා පෙරදසුන් ලබාදෙන බවට තමා තොරතුරු සදහන් වෙන්නේ.
මොවුන්ට දැනට පවතින විශාලතම අභියෝගය වන්නේ ඊලග සතිය තුල නිකුත් වීමට නියමිත Googleහි Stadia නමින් හැදින්වෙන මෙයට සමානකම් දක්වන සේවාවයි. නමුත් ක්‍රීඩකයින්ට තමන්ට කැමති සේවාවක් සදහා යොමුවිය හැකියි.
The post Microsoft Project xCloud appeared first on TechWire.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2X632rw
Comments
Post a Comment