Apple සමාගමේ නවතම Airpod නිෂ්පාදන
Apple සමාගම සෑම විටම සිය නිෂ්පාදනයන් වලට සෞඛ්‍ය අධීක්ෂණ අංග (Health Monitoring Features) ඇතුලත් කිරීමෙහි ලා ප්‍රමුඛතාවයක් දීමට උනන්දු වෙයි. නවතම වාර්තාවකින් පෙන්නුම් කරන පරිදි ඔවුන් සිය නිෂ්පාදන වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ අනාගත Apple Airpods නිෂ්පාදන වලට සංසරණ ආලෝක සංවේදක (Ambient Light Sensors) සම්බන්ධ කිරීම මගින් රුධිර ඔක්සිජන් මට්ටම සහ හෘද ස්පන්දනය වැනි සෞඛ්‍ය අධීක්ෂණ මිනුම් ලබා ගත හැකි ආකාරයට නිපදවීමට බලාපොරොත්තු වෙයි.
නව Apple Airpods නිෂ්පාදන විශේෂතා
DigiTimes සඟරාව වාර්තා කරන ආකාරයට අනුව ASE Technology ආයතනය මෙම සංසරණ ආලෝක සංවේදක නිෂ්පාදනය සඳහා සම්බන්ධ වනු ඇත. එමනිසා ඉදිරි වසර කිහිපය ඇතුලත මෙම සංවේදක නව Airpod නිෂ්පාදන වලට ඇතුලත් කෙරෙනු ඇති අතර තායිවානයේ ASE Technology ආයතනය මඟින් නව සංරචකය සඳහා පසුබිම් ක්‍රියාවලිය හැසිරවිය හැකිය.
කෙසේ වෙතත් GSMArena වාර්තාවක් පෙන්වා දෙන පරිදි Galaxy S9 නිෂ්පාදනයේහි මීට සමාන තාක්ෂණයක් භාවිතා කරන බව පවසයි. එමඟින් ඔවුන්ගේ හෘද ස්පන්දනයේ වෙනස්කම් මැනීම සඳහා පරිශීලකයාගේ සම හරහා ආලෝකය විහිදුවන සංවේදකයක් භාවිතා කරයි.
කෙසේ වෙතත්, Apple Airpods වැනි ප්‍රමාණයෙන් කුඩා නිෂ්පාදනයක් තුළට මෙම සංවේදක තාක්ෂණය ඇතුළත් කිරීම කෙලෙස Apple ආයතනය කළමනාකරණය කරන්නේද යන්න බැලීම සිත්ගන්නා සුළු වනු ඇත. එය යථාර්ථයක් බවට පත් වූ පසු, මෙම සුවිශේෂ අංගය පරිශීලකයින්ට විශාල වශයෙන් භාවිතා කිරීමට හැකිවනු ඇත. පුද්ගලයෙකුගේ සෞඛ්‍යය හා ගැබ්ව පවතින තත්වයන් පරීක්ෂා කිරීම සඳහා රුධිරයේ ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීමට Apple Airpod නිෂ්පාදනය තුල සැහැල්ලු සංවේදක භාවිතා කිරීමට බොහෝ ඉඩකඩක් පවතියි.
නිෂ්පාදන එළිදැක්වීමේ සැලසුම්
කෙසේ වෙතත් DigiTimes සඟරාව වාර්තා කරන පමණින්ම මෙම ප්‍රවෘත්තිය පිළිගන්නවාට වඩා Apple සමාගම හෝ ඊට අනුබද්ධ අනුග්‍රාහක සමාගමක් විසින් හෝ මෙම නව නිෂ්පාදනයේ මූලික ආකෘතියක් හෝ පරීක්ෂාවට ලක් කරන්නේදැයි විමසා බැලීම වටී. කෙසේ වුවත්, අනාගත Airpods හි සෞඛ්‍යයට සම්බන්ධ නව අංගයන් ඇතුළත් කිරීම ගැන අපට අසන්නට ලැබෙන පළමු අවස්ථාව මෙය නොවන බව සලකන විට, ඉදිරි වසර කිහිපය තුළ මෙම අංගය යථාර්ථයක් බවට පත්වීම අපට දැකගත හැකි වනු ඇත.මීට පෙර, Apple සමාගමේ Airpods නිෂ්පාදන පෙළ එක් නිෂ්පාදිතයකට වඩා වැඩි ගණනක් සමඟ පුළුල් කිරීමට සූදානම් වන බව අප අසා ඇත. ටීඑෆ් ජාත්‍යන්තර සුරැකුම්පත් පිළිබඳ ප්‍රකට විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo ඊලඟ පරම්පරාවේ Airpods මාදිලි සහ ඉදිරියට එන over-ear headphones සඳහා Apple සමාගමේ සැලසුම් පිලිබඳ කරන නව ආයෝජක සටහනක් මෑතකදී නිකුත් කර තිබුණි. 2021 මුල් භාගයේදී Airpod 3 මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසෙන අතර Airpod pro 2 නිෂ්පාදනය 2021 අග භාගයේදී ආරම්භ වනු ඇතැයි Kuo සඳහන් කර තිබේ. Kuo ට අනුව over-ear headphones මෙම ගිම්හානයේදී විශාල නිෂ්පාදනයක් කිරීමට සූදානම් වනු ඇත.
ආයෝජකයන් වෙනුවෙන් ඔහු තැබූ සටහනෙහි 2020 මැද භාගයේදී Apple සමාගමේ over-ear headphones මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසෙනු ඇතැයි Kuo අනාවැකි පළ කරයි. මෙයින් අදහස් කරන්නේ ග්‍රීෂ්ම සෘතුවේ අගභාගයේදී හෝ මෙම වසරේ මුල් භාගය වන විට headphones වෙළඳපල මුදා හැරීමට සූදානම් විය යුතු බවයි. කෙසේ වෙතත්, COVID-19 වසංගතය නිසා මෙයට ඇතිවන බාධා වල බලපෑම පුරෝකථනය සඳහා තක්සේරුවක් තවමත් සිදුකර නොමැත. නමුත් මීට පෙර සඳහන් වූ සමහර කරුණු වලට අනුව Apple සමාගම විසින් Beats සන්නාමය යටතේ අධිමිල පරාසයේ over-ear headphones නිපදවන බවත් එය ප්‍රභේද දෙකකින් ලබා ගත හැකි බවත් නිගමනය වී තිබිණි. කෙසේ නමුත් වර්තමානයේ පවතින ගෝලීය වසංගත තත්ත්වය පහව ගිය පසු අපට Apple සමාගමේ මෙම අලුත්ම නිෂ්පාදන පෙල බලාපොරොත්තු විය හැකිවනු ඇත.
සාරාංශයක් වශයෙන්;
- අනාගත Apple Airpods මගින් හෘද ස්පන්දන වේගය අධීක්ෂණය සඳහා සංසරණ ආලෝක සංවේදකය ගෙන එනු ඇත
- මෙම අංගය ඉදිරි වසර 2-3 තුළ Apple Airpods හි ඇතුළත් කළ හැකිය
The post Apple සමාගමේ නවතම Airpod නිෂ්පාදන appeared first on TechWire.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/30WhnJo
Comments
Post a Comment