තාක්ෂණය අනාගතයේදී වෛද්‍යවරුන් ඉවත් කරාවිද?
ඔබ වෛද්‍යවරයෙක්ද? එසේත් නොමැතිනම් සෞඛ්‍ය සේවා අලෙවිකරණ වෘත්තීයක් වෙනුවෙන් සැලසුම් කරන්නෙක්ද? මොහොතක් සිටින්න. ඔබ බලාපොරොත්තු වන වෘත්තීය හෝ සැපයීමට අදහස් කරන සෞඛ්‍ය ක්ෂේත්රයට අදාල සේවාව ලබාගැනීම සඳහා වර්තමානයේ හෝ නුදුරු අනාගතයේදී පරිගණක යෙදුමක්, සරලවම පැවසුවොත් App එකක් හඳුන්වා දෙනු ලැබුවහොත්? සත්‍ය වශයෙන්ම එය එසේ වනු ඇත. තාක්ෂණයේ අනාගතය විසින් දශක කිහිපයකින් වෛද්‍යවරුන් සහ වෛද්‍ය අලෙවිකරණයේ අවශ්‍යතාවය ඉවත් කරනු ඇත. ඔබ ඊට එකඟ වන්නේද? නොවන්නේද? මෙම අනාගත දැක්ම ගැන ඔබ සිතන්නේ කුමක්ද? අපගේ තාක්ෂණය මත පදනම් වූ ලෝකය නැවත හැඩගස්වන සාක්ෂි කිහිපයක් මෙන්න.
තාක්ෂණය සහ වර්තමානය
තාක්ෂණය, පරිගණක, මෘදුකාංග සහ රොබෝවරු මීට වසර කිහිපයකට පෙර මනංකල්පිත විද්‍යා ප්‍රබන්ධයක් මෙන් පෙනෙන්නට තිබූ ආකාරයට මිනිසුන් සහ ක්‍රියාවලීන් ප්‍රතිස්ථාපනය කරමින් සිටියි. පහත උදාහරණයන්ද සලකා බලන්න.
- සිල්ලර වෙළඳසැල් නොමැතිව ලොව විශාලතම සිල්ලර ව්‍යාපාරය බවට Amazon පත්විය.
- ගෝලීය හෝටල් ව්‍යාපාරයක් වන Airbnb හට භෞතික වශයෙන් කිසිදු හෝටලයක් අයත් නොවේ.
- ප්‍රධාන ප්‍රවාහන සමාගමක් වන Uber සතුව කාර් හෝ කුලී රථ නොමැත.
ශරීරය වැය කරන කැලරි ප්‍රමාණය ගණනය කරන හෝ ශාරීරික ක්‍රියාකාරකම් වාර්තා කරන පුද්ගලයින්ට පැළඳිය හැකි උපාංගවලට (Wearable Devices) වලට ඉහළින් සහ ඉන් ඔබ්බට වෛද්‍ය ක්ෂේත්රය වෙනුවෙන් නිමවී ඇති තාක්ෂණික උපාංග අතර IBM ආයතනය මගින් නිෂ්පාදිත Watson පරිගණකය වෛද්‍ය තීරණ ගැනීමේ සහ රෝග විනිශ්චය කිරීමේ දක්ෂයෙකි.
එසේම විකිරණවේදියෙකු සිදු කරන ආකාරයටම X-ray, MRI සහ වෙනත් රූප අර්ථ නිරූපණය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) භාවිතයෙන් නිමවා ඇති පද්ධති සංවර්ධනය කෙරෙමින් පවතියි.
වෛද්‍යවරුන් වෙනුවට රොබෝවරු?
නුදුරු අනාගතයේදී ලෝකය කෙබඳු වේ දැයි අධ්‍යයනය කරන ඉතා බුද්ධිමත් පුද්ගලයින් අනාවැකි පල කරන්නේ තවත් වසර 20ක් වැනි කාලයක් ඇතුලත වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ගණකාධිකාරිවරුන් වෙනුවට අති දක්ෂ රොබෝවරුන් ආදේශ වන බවයි.
ලන්ඩන් ව්‍යාපාරික පාසලේ කළමනාකරණ පුහුණුව පිළිබඳ මහාචාර්ය ලින්ඩා ග්රැටන් (Lynda Gratton) සහ අනාගත විද්‍යාවේදී ඩේවිඩ් ඒ. ස්මිත් (David A. Smith) “අනාගත රැකියා පිළිබඳව ඉදිරි දැක්ම” නම් වාර්තාවක් සම්පාදනය කළහ. සමහර කාර්යයන් AI යන්ත්‍ර මගින් වඩාත් කාර්යක්ෂමව සිදු කරනු ඇතැයි ඔවුහු නිගමනය කරති. අනාගත විද්‍යාවේදී ඩේවිඩ් ඒ. ස්මිත් ගේ අදහසට අනුව බොහෝ ක්ෂේත්රයන් සඳහා නවතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිම කෙරෙන යන්ත්‍ර, සාමාන්‍ය මිනිසෙකුට වඩා හොඳින් ගැටළු වලට විසඳුම් ලබා දෙනු ඇත යන්නයි. යාන්ත්‍රික ඉගෙනුම් (Machine Learning) තාක්ෂණයේ වැඩි දියුණු වීමත් සමඟ අති විශාල දත්ත ප්‍රමාණයක් එකට එකතු කොට හැසිරවීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රිය වීමට ඉඩ තිබේ. මේ නිසා බොහොමයක් ක්රමික (Systematic) රැකියාවන් අවදානමට ලක්වනු ඇත. නීතිය, ගණකාධිකරණය සහ වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්රවල යන්ත්‍ර සාමාන්‍යයෙන් මිනිසුන්ට වඩා හොඳ පිළිතුරු සපයනු ඇත.
ඔබ සිතන්නේ කුමක්ද?
IBM හි Watson යනු අති විශාල දත්ත ප්‍රමාණයක් සමඟ වැඩ කිරීමට සහ ඉගෙනීම සඳහා දියුණු වන සුපිරි පරිගණකයකි.
වෛද්‍යවරයෙකුගේ කාර්යාලයක මුහුණට මුහුණලා මානව සැපයුම්කරුවෙකු අපේක්ෂා කරන සාමාන්‍ය මිනිසා විසින් Watson පරිගණකය කෙසේ ශ්‍රේණිගත කරන්නේ දැයි සිතා ගත නොහැකිය. අවසාන තීන්දුව තව වසර 20 කින් පමණ ලැබීමට නියමිතය. නවීන වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍ය සේවා බෙදා හැරීමේ ක්‍රම අනාගතයේදී මීට වඩා වෙනස් මෙන්ම වඩා යහපත් වනු ඇති බවට සැකයක් නැත.
The post තාක්ෂණය අනාගතයේදී වෛද්‍යවරුන් ඉවත් කරාවිද? appeared first on TechWire.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2zk92DO
Comments
Post a Comment