ද්විත්ව තිර සහිත Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක මාලාව ලංකාවේදී එලි දැක්වේ.
අපි සැවොම දන්නා සහ මුළු ලොවම පිළිගත් ආයතනයක් වන ASUS සමාගම, ඔවුන්ගේ නවතම ද්විත්ව තිර වලින් සමන්විත වන නවතම Laptop පරිගණක මාලාව වන Asus ZenBook Duo සහ Pro Duo යන Laptop පරිගණක දෙක මෑතකදි ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. සුවිශේෂ ද්විත්ව තිර වලින් සමන්විත Asus ZenBook Duo සහ Pro Duo යන Laptop පරිගණක දෙක දැන් ඔබට ශ්‍රී ලංකාවේදී මිලදි ගත හැකියි.
පසුගිය වසර මුලදී Computex තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද ද්විත්ව තිර වලින් සමන්විත Asus ZenBook Duo සහ Pro Duo යන Laptop පරිගණක දෙක ගැන ඔබ මේ වන විටත් අසා දැනුවත් වී තිබීමට ඉඩ ඇත. විශාල, ඒකාබද්ධ ද්විත්ව තිර වලින් සමන්විත සහ සියළු දෙනාගේ අවධානයට හා පැසසුමට යොමු වී ඇති ලොව පළමු Laptop පරිගණක දෙක වන්නේ Asus ZenBook Duo සහ Pro Duo යන Laptop පරිගණක දෙකයි.
Asus ZenBook Duo සහ Pro Duo
Desktop පරිගණක භාවිතා කරන විට තිර දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අවස්ථා පවතී. මන්ද අප විසින් සමහර අවස්ථා වල භාවිතා කරන මෘදුකාංග වලදී එකවර වැඩසටහන් කීපයක් දැක බලා ගැනීමට අවශ්‍ය වීමයි. Adobe Premiere Pro, Photoshop, Solidworks ඒ සදහා උදාහරණ වේ. විශේෂ ඒකාබද්ධ ද්විත්ව තිර වලින් සමන්විත මෙම Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක දෙක එවැනි අවස්ථා වලදී වැඩ පහසු කර ගැනීමට හදුන්වා දුන් සුවිශේෂී විසදුමක් වේ.
Asus ZenBook Duo සහ Pro Duo හි ඇති විශේෂී වූ ද්විත්ව තිර විශේෂාංගය
මෙම Laptop පරිගණක වල ප්‍රධාන තිර ගැන සලකා බලන විට, Asus ZenBook Pro Duo හි ප්‍රධාන තිරය අඟල් 15.6 ක OLED ස්පර්ශක තිරයක් වන අතර එහි Pantone මගින් සහතික කරන ලද වර්ණ පරාසයක් ඇති අතර එය DCI-P3 වර්ණාවලියෙන් 100% ක් ආවරණය කරයි. එනම් එයින් අදහස් වන්නේ එය අතිශයින්ම වර්ණ-නිරවද්‍ය බවයි. OLED තිරයක් වන එය අංශක 178 ක පුළුල් කෝණයක් ඇත.
එසේම Asus ZenBook Duo හි ප්‍රධාන තිරය අඟල් 14 ක IPS Full-HD (1920 x 1080) LCD තිරයකින් සමන්විත වන අතර මෙහි සමස්ථ ප්‍රමාණය හා බර සැලකිය යුතු ලෙස අඩු කරයි. එසේ වුවද, Asus ZenBook Pro Duo තිරය මෙන්, Asus ZenBook Duo හි LCD තීරයේද Pantone සහතික කරන ලද වර්ණ පරාසයක් ඇත. එනම් මෙහිද අතිශයින්ම වර්ණ-නිරවද්‍ය වේ.
Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක දෙක ඇති සුවිශේෂී විශේෂාංගය වන්නේ එහි ඇති දෙවැනි තිරයයි. Asus ZenBook Pro Duo Laptop පරිගණකයෙහි දෙවැනි තිරය මූලික වශයෙන් අඩක් උස 4K UHD තීරයකි. එයින් අදහස් වන්නේ එය ප්‍රධාන තිරයේ දිගට සමාන නමුත් පළලෙන් අඩක් ඇති බවයි. එසේම Asus ZenBook Duo Laptop පරිගණකයෙහි දෙවැනි තීරය මූලික වශයෙන් අඩක් උස 4K FHD තීරයකි. මෙහිද දෙවැනි තිරය, ප්‍රධාන තිරයේ දිගට සමාන නමුත් පළලෙන් අඩක් විශාල තිරයකින් සමන්විත වේ. Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක දෙකෙහි ප්‍රධාන තිරය මෙන්ම වර්ණතාවයක් දෙවන තිරය ලබා දෙන අතර, තිර දෙක පුරා විහිදෙන රූප පරිමාණයෙන් හෝ විකෘති නොවී විදහා දැක්වීමට ඉඩ දෙයි. මෙහි IPS LCD තිරය විශිෂ්ඨ දෘෂ්ටි කෝණ ලබා දෙයි. තවද එහි පරාවර්තනයන් සහ දීප්තිය අඩු කිරීමට නොදිදුලන මතුපිටකින් මෙය සමන්විත වේ.
තිර දෙක එකට වැඩ කරන ආකාරය
Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක දෙකෙහි ද්විත්ව තිර එකමුතුව ක්‍රියා කරන්නේ පරිශීලකයන්ට තිර දෙකෙහි ඔවුන්ගේ යෙදුම් නැරඹීමේ වේගවත්, නම්‍යශීලී විකල්ප ලබා දීමටයි.
Action Menu – පරිශීලකයින් ඕනෑම විවෘතව ඇති යෙදුමක title bar මත ක්ලික් කර එය ඇදගෙන යාමට පටන් ගත් විට, ක්‍රියා මෙනුව ලෙස හැඳින්වෙන Icon තුනක කට්ටලයක් දිස්වේ.
App Switcher – ප්‍රතිවිරුද්ධ තිරයේ Window ව උපරිම කරයි.
Add – ඉදිරියේදී භාවිතා කිරීමට නියමිත යෙදුම් සදහා වේගවත් ප්‍රවේශයක් ලබා දීම පිණිස ඒවා Launcher මෙනුවට එකතු කරයි.
ViewMax – ප්‍රධාන තිරය සහ දෙවන තිරය භාවිතා කරමින් වැඩි දර්ශන තලයක් ලබා දේ. ලේඛන හෝ සිතියම් වැනි ඔබට හැකි තරම් විශාල නැරඹුම් ප්‍රදේශයක් අවශ්‍ය යෙදුම් බැලීමට මෙය කදිම විශේෂාංගයකි.
Launcher – Launcher යනු යෙදුම් ඉක්මනින් දියත් කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන යෙදුම් පැනලයකි. එහි අතුරු මුහුණත ස්මාර්ට් ජංගම දුරකතනයක් මෙන් ක්‍රියා කරයි. පරිශීලකයන්ට ඔවුන්ගේ Icon මත දිගු එබීමෙන් යෙදුම් ගෙනයාමට, නැවත සකස් කිරීමට හෝ මකා දැමීමට ඉඩ ලබා දෙයි. යෙදුම් ඔවුන්ගේ Icon Desktop එකෙන් හෝ ආරම්භක මෙනුවෙන් දියත් කිරීම වෙත ඇදගෙන යාමෙන් හෝ ක්‍රියා මෙනුවේ එකතු කිරීමේ ක්‍රියාව භාවිතා කිරීමෙන් සරලව එකතු කළ හැකිය.
Asus ZenBook Pro Duo හි අභ්‍යන්තරය
මෙහි CPU ගැන සලකන විට, ASUS ZenBook Pro Duo Laptop පරිගණකය අද දක්වා ඇති බලවත්ම ප්‍රොසෙසරයකින් ක්‍රියාත්මක වේ. එය Intel® Core i9-9980HK වේ. මෙහි GPU ගැන සලකන විට, මෙය 6GB GDDR6 සමඟ නවතම NVidia GeForce RTX 2060 graphic සමඟ පැමිණේ. ASUS ZenBook Pro Duo නිර්මාණය කල ඉංජිනේරුවන් පවසන්නේ මෙහි යොදා ගෙන ඇති ග්‍රැෆික් සැකසුම් ඒකකය (GPU) උපරිම ක්ෂමතාවයක් ලබාගැනීම සඳහා Laptop පරිගණකයට යොදා ගත හැකි හොදම GPU එක එය බවයි.
Asus ZenBook Duo හි අභ්‍යන්තරය
මෙහි CPU ගැන සලකන විට, ASUS ZenBook Duo Laptop පරිගණකයට 10th Gen Intel ප්‍රොසෙසරයක් ඇති අතර එය 4.9GHz උපරිම වේගයකින් ධාවනය වන නවතම අංගයන්ගෙන් එකකි.
මෙහි GPU ගැන සලකන විට, මෙය 2GB GDDR5 සහිත නවතම NVidia MX250 ග්‍රැෆික් එන්ජිමට ගැලපේ. NVidia හි ප්‍රබල පැස්කල් හරය මත පදනම්ව, මෙම GPU තුළ NVidia ගේ Optimus තාක්ෂණය අන්තර්ගත වන අතර එය විශිෂ්ඨ ක්රියාකාරීත්වයක් ලබා දීම සඳහා ඒකාබද්ධ Intel graphics processor සමඟ ක්‍රියා කරයි.
එසේම මෙම Asus ZenBook Duo සහ Pro Duo යන පරිගණක දෙක සදහාම ඊට විශේෂිත වූ සිසිලන පද්ධතියක් අඩංගු වේ.
එසේම මෙම Laptop පරිගණක වල මිල ගැන සලකන විට, UX581 MSRP යන මාදිලිය රුපියල් 514,200.00 කින්ද, UX481 MSRP යන මාදිලිය රුපියල් 227,900.00 කින්ද, UX434 MSRP යන මාදිලිය රුපියල් 189900.00 කින්ද ආරම්භ වේ. එසේම මෙම Laptop පරිගණක සදහා අවුරුදු 2 ක ගෝලීය වගකීමක් ඇත. මේ වන විට මෙම Laptop පරිගණක ලංකාවේ මෙම ස්ථාන සහ Singer වෙළද මධ්‍යස්ථාන තුලින්ද මිලදී ගත හැක. Asus ZenBook Duo සහ Asus ZenBook Pro Duo යනLaptop පරිගණක දෙක ලංකාවට එලි දැක්වූ මෙම උත්සවයේ විවිධ වැඩසටහන් පැවති අතර භෝජන සංග්‍රහයෙන් අනතුරුව නිමාවට පත් විය.
The post ද්විත්ව තිර සහිත Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක මාලාව ලංකාවේදී එලි දැක්වේ. appeared first on TechWire.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2ND2LXm
Comments
Post a Comment