වඩා ප්‍රබල iOS 13 ද Android 10 ද?
iOS හා Android දුරකථන සංසන්දනය කරන්න බොහෝ අය කැමති. තමන් භාවිතා කරන දුරකථනය හොදම එකක් කියල විශ්වාස කරන්න අපි කවුරුත් පෙලබෙනවා. කොහොම වුනත් මේ දුරකථන සමාගම් අතරත් විශාල තරගයක් පවතින බව මුළු ලෝකයටම රහසක් නෙමෙයි. මේ නිසා ඔවුන් කෙටි කාලයක් තුල විවිධ විශේෂාංග දුරකථන වලට එක් කරමින් අත්හදා බැලීම් සිදු කිරීමටත් දුරකථන භාවිතය පරිශීලකයාට වඩාත් පහසු කිරීමටත් පෙලබෙනවා. කොහොම වුනත් මේ තරගය ඉතාමත් කෙටි කාලයක් තුල smartphone තාක්ෂණය සීඝ්‍ර දියුණුවකට ලක් වීමට විශාල බලපෑමක් සිදු කලා කිවවොත් නිවරදි.
iPhone 11 සහ iPhone 11 pro දුරකථන හදුන්වා දීමෙන් පසුව Apple සමාගම iOS 13 යාවත්කාලීනය නිකුත් කිරීම පසුගිය සැප්තැම්බර්,19 වන දින දා සිදු කරනු ලැබුවා. ඒ වගේම Google සමාගම විසින් pixel දුරකථන සඳහා Android 10 නිකුත් කිරීමත් පසුගිය දිනක සිදු කලා. අපි මේ මෙහෙයුම් පද්ධති ලබා දෙන පහසූකම් දිහා බැලුවොත් iOS 13 Dark mode එක, privacy setting වල පරිශීලකයාට වැඩි පාලනයක් ලබා දීම වගේම iPhone වඩාත් ආරක්ෂිතව සහ භාවිතයට පහසු අයුරින් නිර්මාණය කිරීමට වැඩිදියුණු කිරීම් රාශියක් ඇතුළත් කර තියෙනවා. අනෙක් පැත්තෙන් Google සමාගම Android 10 Dark mode එක, privacy setting සහ AI වැඩි දියුණු කිරීම් කෙරෙහි වැඩි අවධානය යොමු කරලා තියෙනවා.

අලුත්ම OS update වල මෙයාලා වැඩියෙන් අවධානයක් යොමු කරලා තියෙන ප්‍රධාන පහසුකම් ටික අපි සංසන්දනය කරලා බලමු.
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම
ගත වුනු වසර ගණනාව පුරාවටම, Apple සමාගම විසින් පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කාරීව තබා ගැනීම කියන එක එයාලගේ ප්‍රචාරණ දැන්වීම් වල වගේම වැඩසටහන් වලදීත් මතු කරන ප්‍රධානම සාධකයක් .Google සමාගම පරිශීලකයන්ගේ දත්ත මත පදනම් වුනු දැන්වීම් ප්‍රචාරණය කිරීම සිදු කරනවා. කොහොම වුනත් Apple සමාගම ඒ වෙනුවට ඔවුන් සපයන දෘඩාංග, මෘදුකාංග සහ සේවාවන් මත පදනම් වෙලා ව්‍යාපාරික කටයුතු සිදු කරනවා. Apple සමාගම ඇමෙරික එක්සත් ජනපදයේ කැලිෆෝනියා හිදී වාර්ෂිකව පවත්වනු ලබන සමුළුවේදී (Apple Worldwide Developers Conference) ප්‍රකාශ කලා පරිශීලකයන්ගේ ස්ථානීය පිහිටීම කිසියම් app එකකට භාවිතා කිරීමට අවශ්‍ය නම් එයට විටින් විට පරිශිලකයාගෙන් අවසර ගැනීමට සිදු වෙන බව. ඒ වගේම Apple සමාගම විසින් වෙබ් පිටු වලට ඇතුළු වීමේ ක්‍රම වේදයක් ද එළිදක්වල තියෙනවා එමඟින් පරිශීලකයාට නිර්නාමිකව වෙබ් අඩවි සහ apps වලට පිවිසීමට හැකි වෙනවා.
Apple සමාගම කොතරම් ආරක්ෂාකාරී වැඩසටහන් ක්‍රියාත්මක කලත් මෑතකදී iPhone වල ආරක්ෂක දෝෂයක් Google සමාගම මගින් පෙන්වා දුන්නා. Google සමාගම මගින්ද පරිශීලකයන්ට ස්ථානීය පිහිටීම වෙනත් apps මගින් භාවිතා කිරීම පරිශීලකයාට පාලනය කිරීමට ඉඩ ලබා දි තිබෙනවා. ඔවුන් විසින් privacy setting වලට මෙවර එක් කල ඇති ප්‍රධානම අංගය වන්නේ apps වලට ලබා දී ඇති access permission සියල්ලම පරිශීලකයන්ට කැමත්ත පරිදි වෙනස් කිරීමට අදාල settings ලබා දීමයි. මෙමගින් පරිශීලකයා හට app එකක් දැනට භාවිතා කරන සියලුම permissions බලා ගැනීමටත් ඒවා වෙනස් කිරීමත් හැකියාව ලබා දී තිබෙනවා.
අදුරු තේමාව (Dark Mode)
ගොඩක්දී අය කැමති Dark Mode එක භාවිතා කරන්න iOS13 දි වගේම Android 10 වලත් ඒ සදහා පහසුකම් සපයා තිබෙනවා. Dark Mode එක සක්‍රිය කිරීමෙන් තිරයේ පික්සල් අඩු ප්‍රමාණයක් ආලෝකවත් කිරීම නිසා පරිශීලකයන්ගේ ඇස් වලට සිදු වන බලපෑම අඩු වීමත් බැටරියේ ආයු කාලය වැඩි වීමත් වාසියක් විදියට සලකන්න පුළුවන්. Google සමාගම විසින් මෙම වසර මුලදී Android 9 Pie යාවත්කාලීනයකට DarkMode එක් කල නමුත් සෑම තැනකටම එකම තේමාව භාවිතා කිරීමට අපොහොසත් වී තිබුණා. Android 10 වලදී Dark Mode එක වඩාත් පුළුල් ලෙස මෙහෙයුම් පද්ධතියට එක් කිරීම සිදු කර තිබෙනවා.කෙසේ වෙතත්, Google සමහර යෙදුම් (chrome වලට DarkMode ලබා දී නොමැත) .වලට තවමත් Dark Mode එක ලබා දීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා
Apple සමාගමට මේ සම්බන්ධයෙන් වැඩි අත්දැකීම් තිබේනවා. ඔවුන් මුලින්ම Desktop පරිගණක වල මෙහෙයුම් පද්ධති වලට Dark Mode එක එක් කිරීම සිදු කරනු ලැබුවා. 2018 වර්ෂයේදී macOS Mojave හි වලට ඔවුන් මුලින්ම මේ පෙනුම මුලින්ම ලබා දුන්නා.මෙවර iOS 13 දුරකථන මෙහෙයුම් පද්ධතියටත් ඔවුන් මෙය ලබා දී තිබෙනවා.
ඡායාරූප සංස්කරණය
ඡායාරූප සේවාවක ඔබට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ Google Photos මගින් ඉදිරිපත් කරයි. Backup,photo sharing හා භාවිතා කිරීමට ඉතා පහසු editing tools Google සමාගම මගින් Android දුරකථනයක් සඳහා එක් කර තිබෙනවා.ඔබ Pixel දුරකථන වල Night Site mode එක භාවිතා කල ඇත්නම් Android දුරකථන මේ සම්බන්ධයෙන් ඇති ප්‍රවීණතාවය ගැන සිතා ගැනීමට පුළුවන්. ඡායාරූප ගබඩා කිරීම සදහා 15GB ක online ගබඩා පහසුකමක් ද නොමිලේම පරිශීලකයන්ට ලබා දීම ඔවුන් සිදු කරනවා. ඔබ මේ සදහා Google’s high-quality compression setting භාවිතා කිරීම සිදු කරනවා නම් සිමා රහිතව මෙම පහසුකම භාවිතා කිරීමටද ඉඩ දී තිබෙනවා.
Apple Photos වලත් Android වලට තරගයක් ලබා දීමට හැකි අයුරින් විශාල editing tools ප්‍රමාණයක් අඩංගු කර තිබෙනවා. iOS 13 හි ඡායාරූප වල ආලෝකයේ තීව්‍රතාව(intensity ) වෙනස් කිරීමේ හැකියාව ඇතුළුව තවත් බොහොමයක් විශේෂාංග ඇතුලත් කර තිබෙනවා.එමෙන්ම ඡායාරූප වර්ග කිරීම සදහා iOS වලදී මුහුණ හදුනාගැනීමේ තාක්ෂණය භාවිතා කරනවා. ඡායාරූප ගබඩා කිරීමේදී iCloud වලින් 5GB ප්‍රමාණයක් ඔබට නොමිලේම ලබා ගන්නත් පුළුවන්.
කටහඩ මගින් විධි විධාන ලබා දීම
iOS 13 හි, Siri හට නව රොබෝ කටහඩක් ලබා දී තිබෙන අතර Apple watch වල watchOS මෙහෙයුම් පද්ධතිය සමග වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියා කිරීමට හැකියාව ලබා දි තිබෙනවා. එමෙන්ම Siri සමග බැදුන නව කෙටිමං කිහිපයක්ද මෙහි අඩංගු වෙනවා.
නමුත් විවිධ කටහඩවල් සහ විධාන හඳුනාගෙන තේරුම් ගැනීමේදී Siri ට වඩා බොහෝ ඉදිරියෙන් Google Assistant ක්‍රියාත්මක වෙනවා. Google Assistant ඔබගේ දුරකථනයේ ඔබ කරන සෑම දෙයකටම සම්බන්ධ වී ඇති අතර ඉදිරි වැඩ කටයුතු වලට කාලය වෙන් කිරීම්, හමුවීම් සඳහා ඔබගේ දින දර්ශනය සහ Gmail ගිණුම දෙස බැලීමෙන් නිර්දේශ පවා ඉදිරිපත් කිරීමට එයට හැකි.
සිතියම් භාවිතය සහ ගවේෂණය
iOS 13 සමඟ Apple විසින් වඩා හොඳ මාර්ග, පදික තොරතුරු සහ වඩාත් නිවැරදි ලිපින ඇතුළත් කිරීම සඳහා සිතියම් නැවත ගොඩනඟමින් සිටිනවා. එමෙන්ම Apple සෙව්ම් ස්ථානයක් වටා ත්‍රිමාණ දර්ශනයක් බැලීමටත්, location share කිරීමේ පහසුකම්ත් එක් කර තිබෙනවා.
Google Maps වල Street view මගින් මෙම අංගය කලක සිට ලබා දි තිබු අංගයක්. Google විසින් එහි සිතියම් නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් ඔබට සෙව්ම් ස්ථාන ලබා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් කරනවා.ඔබ යම්කිසි ස්ථානයකට පැමිණි පසුවද Google Maps ඉතා ප්‍රයෝජනවත් tool එකක්. ඔබ කොතැනක සිටියත් කෑමට සුදුසු ස්ථාන සහ කළ යුතු දේ පිළිබඳ නිමක් නැති ලැයිස්තුවක් සොයා ගැනීමට එය ඉඩ දෙනවා.
The post වඩා ප්‍රබල iOS 13 ද Android 10 ද? appeared first on TechWire.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/36Zp02j
Comments
Post a Comment