Live Stream Recording, Chat Themes සහ තවත් නව පහසුකම් කිහිපයක්ම සමග Telegram 8.1 Update එක නිකුත් වෙයි
අසීමිත සාමාජිකයන් සංඛ්‍යාවකට සහභාගී විය හැකි ලෙස තම Group Video Calls පහසුකම වැඩිදියුණු කළ Telegram පිළිබඳව පසුගිය මස ලිපියකින් අප ඔබට තොරතුරු ගෙන ලදී.
ඉහත ලිපියේ සදහන් Update එකෙන් පසු, සැප්තැම්බර් 19 වැනි දින නිකුත් වූ Telegram හි නවතම Update එක පිළිබඳ තොරතුරු මෙම ලිපියේ සදහන් වේ.
Group Video Calls Record with Video
පෙර පැවති Group Calls Record with Voice පහසුකම වැඩිදියුණු කරමින් මෙම නව Group Video Calls Record with Video පහසුකම එළිදක්වා ඇති අතර මෙහි දී ඔබට Group Video Call එකක් Portrait හෝ Landscape යන ආකාර දෙකෙන් කැමති ආකාරයකට Record කිරීමේ හැකියාව ලැබෙනවා.
මේ අනුව Live Stream හෝ Video Chat menu එක හරහා Video and Audio හෝ Only Audio යන options හරහා stream එක record කළ හැකි අතර, record වී අවසානය් එය Saved Messages වලට එකතු වෙනවා.
කොහොම නමුත් Telegram ආයතනය විසින් තවමත් Record කිරීමට හැකි උපරිම කාල සීමාවක් පිලිබදව තොරතුරු ප්‍රකාශයට පත් කර නැත.
Chat Themes
දැනට Messenger, Viber වැනි Platforms කිහිපයක පමණක් තිබෙන මෙම සිත්ගන්නාසුලු පහසුකම, මෙවර නව update එකෙන් පසු Telegram පරිශීලකයන්ටද භාවිත කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.
දැනට Telegram Designers කණ්ඩායම විසින් Themes 8ක් පරිශීලකයන් හට භාවිත කිරීමට හැකි වන ලෙස නිකුත් කර ඇති අතර ඉදිරියේදී තවත් Chat Themes නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් සදහන් කරනවා. මෙම සෑම Chat Theme එකක්ම Day Mode සහ Night Mode යන ආකාර දෙකෙන්ම භාවිත කිරීමට හැකි වන ලෙස සකසා ඇත.
Who Read My Message
WhatsApp Group තුළ දක්නට ලැබුණු මෙම අංගය මෙවර Telegram විසින් තම පරිශීලකයින්ට ද ලබා දීමට කටයුතු කරන ලදී. මෙහි දී සිදුවන්නේ Group එකක් තුළ ඔබ යැවූ පණිවිඩයක් කියවූ අය කවුරුන්ද යන වග පෙන්වීමයි.
කෙසේ නමුත් Telegram ආයතනය විසින් මෙම පහසුකම ලබා දී ඇත්තේ සාමාජිකයන් 50ට අඩු Private Group සදහා පමණි. තවද ඔබගේ පණිවිඩය කියවූ අය ගැන තොරතුරු දර්ශනය වන්නේ අදාල පණිවිඩය යැවූ දින සිට සතියක් දක්වා පමණි. තම පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවට ඔවුන් පවසයි.
Interactive Emojis
තමන්ටම ආවේණික වූ නිර්මාණාත්මක Animated Emojis එළිදක්වන Telegram ආයතනය විසින් මෙවර තවත් පියවරක් ඉදිරියට තබමින් Interactive Emojis පහසුකම හදුන්වා දෙන ලදී.
මෙහි විශේෂත්වය වනුයේ පෙර තිබූ සරළ Animation තවත් වැඩිදියුණු කරමින් සිත්ගන්නාසුළු Full Screen Animation එකක් ආකාරයෙන් සිදු වීමයි. මෙම නව Interactive Emojis ක්‍රියාත්මක වන්නේ Personal Chat වල පමණි.
විශේෂත්වය නම් ඔබ යම් Animation එකක් ක්‍රියාත්මක කළ විට ඔබ සමග සංවාදයේ යෙදෙන අනෙක් පුද්ගලයාටද අදාළ Animation එක එම මොහොතේ දර්ශනය වීමයි. දැනට 🎉, 🎈, 👍, 💩 හා ❤️ යන Emojis සදහා මෙම අංගය ක්‍රියා කරයි. ඉදිරියේ දී තවත් මෙවැනි Interactive Emojis එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බව Telegram ආයතනය පවසයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිල Telegram Blog අඩවිය සහ Telegram Info වෙබ් අඩවිය භාවිතා කළ හැක.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2ZvI4Ww
Comments
Post a Comment